1931 Bugatti Roya le Kellner coupe මෝටර් රථය 1987 දී ඩොලර් මිලියන 8.7ට විකුණන ලදී .මෙම කාරය සහ තවත් බොහෝ කාර් මෙම ලැයිස්තුවට ඇතුලත් කර නැත්තේ ඒවා දැන් වෙළදපොලේ විකිණීමට නොමැති නිසාය . ඔබට මෙය මිලදී ගැනීමට හැකිනම් එම මුදලෙන් කොටසක් යොදා ගෙන ඔබගේ ගරාජයට සුපිරි මෝටර් රථ දුසිමක් උවද මිලදී ගත හැක. පහත සදහන් වන්නේ ලොව මිල අධිකම සහ නීත්‍යානුකූල නිෂ්පාදනයන් වන මාර්ගවල ගමන් කල හැකි මෝටර් රථ වේ. මෙහි සංකල්ප මෝටර් රථ ඇතුලත් නොවේ .(අඩුම තරමේ මෙයින් රථ 2 ක් වත් මිලට ගැනීමට තිබේ .) 10) Hennessey Venom GT Spyder – $ 1,100,000 මෙම 2013 Hennessey Venom GT Spyder රථය අවධානයට යොමුවන්න ප්‍රධානම සාධකයක් වන්නේ එහි බලකුරු මිල වන ඩොලර් මිලියන 1.1ය . දැනට ලෝකයේ මෙම කාරයට තරග කල හැකි ප්‍රතිවර්ත්‍යයක් (a convertible ) නොමැත. මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා තත්පර 2.5 න් ලගාවීම පුදුමයක් නොවේ . 9) Pagani Huayra – $ 1,300,000 මෙය නම් කර ඇත්තේ Quechua හී ” සුළගට අධිපති දෙවියන් ” සම්බන්ධ කොට ගෙනය. මෙම ඉතාලියානු මධ්‍යම එන්ජිම ලීටර 6 න් යුක්තය .V 12 නිවුන් තල බමන ( twin turbo ) ආර...