Skip to main content

ලොව මිල අධිකම මෝටර් රථ 10[Top 10 most expensive cars in the world]

1931 Bugatti Royale Kellner coupe මෝටර් රථය 1987 දී ඩොලර් මිලියන 8.7ට විකුණන ලදී .මෙම කාරය සහ තවත් බොහෝ කාර් මෙම ලැයිස්තුවට ඇතුලත් කර නැත්තේ ඒවා දැන් වෙළදපොලේ විකිණීමට නොමැති නිසාය .
ඔබට මෙය මිලදී ගැනීමට හැකිනම් එම මුදලෙන් කොටසක් යොදා ගෙන ඔබගේ ගරාජයට සුපිරි මෝටර් රථ දුසිමක් උවද මිලදී ගත හැක.
පහත සදහන් වන්නේ ලොව මිල අධිකම සහ නීත්‍යානුකූල නිෂ්පාදනයන් වන මාර්ගවල ගමන් කල හැකි මෝටර් රථ වේ.
මෙහි සංකල්ප මෝටර් රථ ඇතුලත් නොවේ .(අඩුම තරමේ මෙයින් රථ 2 ක් වත් මිලට ගැනීමට තිබේ .)


10) Hennessey Venom GT Spyder – $ 1,100,000
මෙම 2013 Hennessey Venom GT Spyder රථය අවධානයට යොමුවන්න ප්‍රධානම සාධකයක් වන්නේ එහි බලකුරු මිල වන ඩොලර් මිලියන 1.1ය . දැනට ලෝකයේ මෙම කාරයට තරග කල හැකි ප්‍රතිවර්ත්‍යයක් (a convertible ) නොමැත.
මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා තත්පර 2.5 න් ලගාවීම පුදුමයක් නොවේ .
9) Pagani Huayra – $ 1,300,000
මෙය නම් කර ඇත්තේ Quechua හී ” සුළගට අධිපති දෙවියන් ” සම්බන්ධ කොට ගෙනය. මෙම ඉතාලියානු මධ්‍යම එන්ජිම ලීටර 6 න් යුක්තය .V 12 නිවුන් තල බමන ( twin turbo ) ආරෝපිත වූ එන්ජිම මගින් අශ්ව බල 720 ක් නිපදවයි.
මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලංවීමට තත්පර 3 ක් ගතවේ. උපරිම වේගය පැයට සැතපුම් 224 ක් පමණ වේ .
8) McLaren P1 – $ 1,350,000
McLaren ආයතනය නිවේදනය කර සිටියා ඔවුන් මෙම රථ 375 ක් පමණක් නිපදවන බව ය . මෙය hybrid වශයෙන් නවීකරණය කරන ලද ලීටර 3.8 V8 නිවුන් තල බමන එන්ජිමකින් යුක්තය ( twin turbo-engine ).
විද්‍යුත් මෝටරයක් සමග මෙය සම්බන්ද කල විට 7 ස්පීඩ් ඩුඅල් ක්ලච් පැඩල් ශිෆ්ටර් ( 7 speed dual clutch paddle shifter ) ක් ආධාරයෙන් අශ්ව බල 903 ක් නිපදවීමක් බලාපොරොත්තු වේ.
කාලය සමග අත්හදා බැලීමකින් අනුමාන කර ඇත්තේ මෙම රථය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලංවීමට තත්පර 2.7 ක් ගන්නා බවය . එමෙන්ම මෙහි විද්‍යුත්ව සීමා කරන ලද පැයට සැතපුම් 217 වන උපරිම වේගයක්ද ඇත .
7) Maybch Landaulet  – $ 1,380,000
මෙය දැනට වෙලදපොලේ තිබෙන මිල අධිකම පල්ලැක්කිය වේ .මෙයට පැයට සැතපුම් සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට ලංවීමට තත්පර 5.2 ගතවේ . දැනට නිපදවා ඇති අතිශයින්ම සුඛෝපභෝගී මෝටර් රථ අතරින් එකක් මෙය වේ.
මෙහි පසුපස ප්‍රදේශය සම්පුර්ණයෙන්ම නිරාවරණයකිරීමට හැකි පරිවර්ත්‍ය වහලකින් යුක්තය . මෙම Maybach රථය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ පෞද්ගලික රියදුරන් සිටින CEO වරුන් සහ විධායක නිලධාරීන් වැනි අයටය .
6) Koenigsegg Agera R  – $ 1,600,000
Agera R හට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා ලගාවීමට ගතවන්නේ තත්පර 2.8 කි .එහි උපරිම වේගය පැයට සැතපුම් 260 වේ (418 km /h).
මෙයට පැයට සැතපුම් 270 වේගයට ලගාවීමට හැකියාවක් තිබ්බද මෙම සුපිරි රථය විද්යුත්ව පැයට සැතපුම් 235 (378 Km/h ) වන වේගයට සීමා කොට ඇත.
ඔබ අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් කිරීම මගින් සමා ගම විසින් වේග පාලකය අගුලු ඇරීම (unlock) කරනු ලැබේ .
6) Lamborghini Reventon – $ 1,600,000
දැනට නිෂ්පාදනය කර ඇති Lamborghini අතරින් බලවත්ම සහ ඉතාම මිල අධික මෝටර් රථ අතුරින් එකක් වන මෙය Lamborghini ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනී. එය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයට තත්පර 3.3න් පැමිණෙන අතර මෙයට පැයට සැතපුම් 211උපරිම වේගයක් තිබේ .( 339 km /h )
මෙහි දුර්ලභ බව (ඒකක 20 කට පමණක් සීමා වූ බැවින්ය ) සහ චාටුකාර මෝස්තරය මෙහි මිල අධික බවට සහ අයිති කරගැනීමේ පිරිවැය ඉතා අධික වීමට හේතු වේ .
5) Zenvo ST 1 – $1,225,000
මෙයට පැයට සැතපුම් 60 ක වේගයකට පැයට සැතපුම් 0 සිට ලගාවීමට ගතවන්නේ තත්පර 2.9කි . මෙහි උපරිම වේගය පැයට සැතපුම් 233 ක් වේ (375 Km /h ) වේ . මෙම Zenevo ST 1 රථය නව Danish සුපිරි මෝටර් රථ සමාගමක් මගින් වෙළදපොලට නිකුත් කර ඇත.
වේගය සහ මොස්තරාත්මක බවින් අංක 1 වීමට උත්සාහ දරන සමාගමක් ලෙස මෙය ප්‍රසිද්දය .මෙම ST 1 මෝටර් රථය ඒකක 15 කට පමණක් සීමා වේ . මෙම සමාගම මගින් ” Flying Doctors ” (ඉගිලෙන දොස්තරවරු) හට පොරොන්දු වෙලා තිබෙනවා ඔවුන්ගේ මෝටර් රථ ධාවනයේ යොදවමින් තබන බව .
හයවන ස්ථානයටත් දෙදෙනෙක් තරග වදිනවා
5)Pagani Zonda Cinque Roadster – $ 1,850,000
මෙය ඉතා මිල අධික මෝටර් රථ අතරින් එකක් වන අතර මෙය ඉතාමත් කැපීපෙනෙන මෝටර් රථ වලින් ද එකකි .මෙයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා වේගයකට ලගාවීමට ගතවන්නේ තත්පර 3.4 කි.
මෙහි උපරිම වේගය පැයට සැතපුම් 217 කි (349 Km/h ).
4) Aston Martin One -77 – $ 1,850,000

One -77 කියන නමෙන් මෙම මෝටර් රථය ගැන සෑම දෙයක්ම වාගේ විස්තර කෙරේ.
බලය සහ ආකර්ශනීය පෙනුම එකට කැටි වී තිබීමෙන් One ලෙසද , ඒකක 77 කට සීමා වී තිබීම නිසා 77 ලෙසද යොදා ඇත. අශ්ව බල 750 න් මෙය සමන්විත වන අතර එයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයකට ලගාවීමට ගතවන්නේ තත්පර 3.4 කි.
එහි උපරිම වේගය පැයට සැතපුම් 220 කි . (354 Km/h ) හතර වන ස්ථානයට තරග කරන්න තව කෙනෙක් ඉන්නවා
3) Bugatti Veyron super sports – $ 2,400,000
මෙම කාරය තවදුරටත් වෙළදපොලේ පවතින මිල අධිකම නිත්‍යානුකූල නිෂ්පාදනය නොවේ .(මූලික Veyron හී වටිනාකම $ 1,700,000 වේ ). මෙයට පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 වේගයකට තත්පර 2.5ක් තුලදී ලගාවීමේ හැකියාව ඇත.
2010 ජූලි 10 වන දිනට 2010 දී තිබූ සුපිරි ක්‍රීඩා අනුවාදයක් සමග පරීක්ෂා කිරීමේදී පැයට සැතපුම් 267 (430 Km /h ) ක් වැනි සුපිරි වේගයකට ලංවෙමින් මෙම veyron රථය වේගවත්ම නිත්‍යානුකූල, මාර්ග වල ධාවනය වන මෝටර් රථය බවට පත් විය.
Bugatti Veyron මෝටර් රථයත් සමග තරග කරනවානම් ගොඩක් පරෙස්සම් වෙන්න වෙනවා වගේම ගොඩක් සූදානම් වෙන්න වෙයි .
2) Lykan Hypersport – $ 3,400,000
ඩුබායි මූලික කරගත් සමාගමක් වන W Motors මගින් මෙවැනි මෝටර් රථ 7 ක් වෙළදපොලට නිකුත් කිරීමට සලසුම් කර ඇත .
එයට අශ්ව බල 750 ක බලයක් නිපදවන flat 6 twin turbo engine (සමතලා 6 නිවුන් තල බමන එන්ජිමකින් ) න් පණ ගන්වනු ලැබේ .මෙය තත්පර 2.8 ක් වැනි සුළු කාලයකදී පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක වේගයක් දක්වා යාමට හැකියාව තිබේ .මෙහි පැයට සැතපුම් 245 වැනි ඇස්තමේන්තුගත උපරිම වේගයක් ඇත 

1) Lamborghini Veneno – $ 4,500,000

මෙම veneno රථය ඔබව තත්පර 2.8 වැනි සුළු කාලයකදී පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා දක්වා වේගයකට ගෙනයාමේ හැකියාවක් ඇත .
පැයට සැතපුම් 221 වැනි උපරිම වේගයකට ධාවනය කිරීමේ හැකියාවක් ඇත.
මෙයින් වර්ෂයකට මෝටර් රථ 3ක් පමණක් වෙළදපොලට නිකුත් කරනු ලැබේ .ඔබට මෙම අති සුපිරි මෝටර් රථය අයිති කරගැනීමට අවශ්‍යනම් ඔබට පොරොත්තු ලේඛනයක අනෙකුත් උද්‍යෝගිමත් අනුගාමිකයන් සමග රැදී සිටීමට සිදුවේ.

Comments

Popular posts from this blog

ලොව විෂකුරුම සර්පයන්[Most Venomous Snakes in the world]

      10. RATTLESNAKE මෙම සර්ප වර්ගය දැකගන්නට ලැබෙන්නේ අමරිකාවේ පමනි. මෙම විශෙන් හුස්ම ගැනීමේ අපසුතා ඇති විය හැක. ඉතා විශ සහිත වුනත් විෂ නාශක ඉක්මනින් ලබුනොත්, ජීවිතයක් බේරාගනීම අපහසු නොවේ. 9. DEATH ADDER Death Adder සර්ප විශේෂය හා Viper සර්ප විශේෂයේ හැඩ රුව එක සමාන වේ. මෙම සර්පයාගේ දශ්ට කිරීමකින් අංශභාගය හෝ මරනය පැය 6කින් ලගා වේ. නමුත් විෂ නාශක භාවිතයෙන් මරනය වැලැක්විය හැක. 8. VIPER ලොව ඕනැම රටක Viper සර්ප විශේෂය සොයා ගත හැක. සාර්ථක දශ්ට කිරීමකින් පැය 24ක් හෝ දවස් 14ක් ඇතලත මිනිසෙකුට මරු කැදවිය හැක. 7. PHILIPPINE COBRA මෙම සර්ප විශෙෂයෙහි විශේෂත්වය වන්නේ, විෂ කෙල මීටර් 3ක් දුරට ගැසිය හැකි වීමයි. විෂ ශරීර ගත වීමෙන් වමනය යාම, කලන්තය, පාචනය හෝ විනාඩි 30ක් ඇතුලත මරණය කැඳවිය හැක. 6. TIGER SNAKE ඕස්ටෙ‍්‍රලියාවට ආවේනික වූ මෙම සර්ප විශේෂයට පැය බාගයක් වැනි සුලු කාලයකින් මිනිසෙක් ව ඝාතනය කල හැක. 60% ත් 70% අතර මරණ අවදානමක් ඇති අතර බෙල්ල ආශ්‍රිත වේදනාව, දහදිය දෑමිම, ක්ලාන්තය විෂ ශරීර ගත වීමෙන් සැදීමට හැක. 5. BLACK MAMBA දකුනු අප්‍රිකාවට ආවේනික වු මෙම සර්පයා ලො

Swarnapaliye(ස්වර්ණපාලියේ) lyrics